ශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමු වෙති

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (02) පැවැත්විණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණ දී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.
එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.