අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල්ගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළේය.

අනතුරුව තොරතුරු විමසමින් පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේහය අසළ තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතෙහි සටහනක් ද තැබීය.